සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:25
وَمِنْ آيَاتِهِ أَنْ تَقُومَ السَّمَاءُ وَالْأَرْضُ بِأَمْرِهِ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِنَ الْأَرْضِ إِذَا أَنْتُمْ تَخْرُجُونَ
තවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතුරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහුය.
තෆ්සීර්
අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ තවත් සාධකයක් වනුයේ, ඔහුගේ අනුහසින් අහස නොවැටී පැවතීම හා මහපොළොව නොපැළී පැවතීමයි. අනතුරු ව සූර් හොරණෑවෙහි මලක්වරයා පිඹීමෙන් කරන ඇරයුම තුළින් සුවිශුද්ධයාණන් නුඹලා ව ඇරයුම් කරන විට, නුඹලා විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලාගේ මිණීවලවල් වලින් නුඹලා බැහැර කරනු ලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න