සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:24
وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
තවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව එය මළ පසු ව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
තෆ්සීර්
ඔහුගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් සාධකයක් වන්නේ, අහසෙහි නුඹලා දකින අකුණු එළියයි. අකුණු සැර හේතුවෙන් බිය ද වර්ෂාව පිළිබඳ සතුට ද යන කාරණා දෙකම එහි නුඹලාට මුසු කර ඇත. ඔහු නුඹලා වෙනුවෙන් අහසින් වැසි ජලය පහළ කරයි. මහපොළොව වියළී ගිය පසුව එමගින් පැළෑටි හට ගන්වා එය ප්රාණවත් කරයි. සැබැවින්ම වටහා ගන්නා ජනයාහට එහි පැහැදිලි සාධක හා සාක්ෂි ඇත. ඔවුහු එමගින් විනිශ්චය හා ප්රතිඵල සඳහා මරණින් පසු අවදි කරනු ලබනු ඇතැයි සාධක කර ගනිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න