සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:23
وَمِنْ آيَاتِهِ مَنَامُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُمْ مِنْ فَضْلِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ
තවද රාත්රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත.
තෆ්සීර්
අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වන්නේ, නුඹලාගේ රාත්රී නින්ද සහ දහවල් කාලයේ නුඹලාගේ වැඩ කටයුතු වලින් මදක් විවේක ගැනීම සඳහා නුඹලාගේ දහවල් සුළු නින්දය. එමෙන්ම ඔහුගේ තවත් සංඥාවක් වනුයේ නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා පෝෂණය සොයමින් සැරිසරනු පිණිස දහවල් කාලය ඔහු වෙන් කර තිබීමයි. පරිශීලනාත්මකව සවන් දෙන, පිළිගන්නා අයුරින් සවන් දෙන ජනයාහට සඳහන් කරනු ලැබූ දෑහි සාක්ෂි හා සාධක ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න