සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:22
وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْعَالِمِينَ
අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම එහි දැනුමැත්තන්හට සංඥාවන් ඇත.
තෆ්සීර්
අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වනුයේ, අහස් හා මහපොළොව මැවීමය. ඒ අතර නුඹලාගේ භාෂාවන්හි වෙනස්කම් ද නුඹලාගේ වර්ණයේ වෙනස්කම් ද පිහිටා ඇත. දැනුමැති හා දැක්මැති ජනයාට සඳහන් කරනු ලැබූ දෑහි සාක්ෂි හා සාධක ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න