සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:99
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنْتُمْ شُهَدَاءُ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
දේව ග්රන්ථ ලත් ජනයිනි, නුඹලා (සත්යයට) සාක්ෂිකරුවන් ව සිටිය දී නුඹලා එහි දෝෂ සොයමින් විශ්වාස කළවුන් ව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වනුයේ මන්දැ යි (නබිවරය) අසනු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව නොසලකා හරින්නෙකු නොවේ.
තෆ්සීර්
අහෝ! නබිවරය, නුඹ මෙසේ අසනු. ‘ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නුඹලාගේ පුස්තකයේ මෙම දහම සත්යය යැයි තහවුරු කර තිබියදී ඒ ගැන නුඹලා සාක්ෂිකරුවන් ව සිටිය දී අල්ලාහ්ගේ දහමින් ඔහුව විශ්වාස කළ ජනයා නුඹලා වළක්වනුයේ ඇයි? අල්ලාහ්ගේ දහමට සත්යයෙන් දුරස් වී අසත්ය වෙත වෙනත් නැඹුරුවක් සොයනුයේ ඇයි? එමෙන්ම ඔහු ව විශ්වාස කළ ජනයා සඳහා යහමග වෙනුවට නොමගක් සොයනුයේ ඇයි? දැනගනු, එය ප්රතික්ෂේප කරමින් ඔහුගේ මාර්ගයෙන් ජනයා වළක්වමින් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් නොසැලකිල්ලෙන් සිටින්නෙකු නොවෙයි. සැබැවින්ම ඒ සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාට ප්රතිවිපාක පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න