සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:97
فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَقَامُ إِبْرَاهِيمَ ۖ وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا ۗ وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا ۚ وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ
එහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්රාහිම් සිට ගත් ස්ථනය ද ඇත. තවද කවරෙකු එයට ඇතුළත් වන්නේ ද ඔහු අභයදායියෙකු වෙයි. තවද අල්ලාහ් වෙනුවෙන් එම ගෘහයෙහි හජ් ඉටු කිරීම සඳහා ඒ වෙතට යෑමට හැකියාව ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි. එබැවින් සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත්ය.
තෆ්සීර්
මෙම නිවස තුළ එහි ගෞරවය හා එහි මහිමය විදහාපාන වන්දනා ස්ථාන හා නටඹුන් වැනි මතුපිටින් පෙනෙන බාහිර සංඥා ඇත. කඃබා හෙවත් සමචතුරස්රාකාර හැඩයෙන් පිහිටා ඇති ගොඩනැගිල්ලේ බිත්තිය ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඉදි කිරීම සඳහා එතුමාණන් ඒ මත සිටගත් ගල ද එම සංඥා අතුරින් එකකි. එමෙන්ම කවරෙකු ඒ තුළට පිවිසෙන්නේද අභයදානය ලබනු ඇත. කිසිදු පීඩාවක් ඇති නොවෙයි. හජ් වන්දනාව ඉටු කිරීම සඳහා එම නිවස වෙත යාමට හැකියාව ඇත්තවුන් ඒ වෙත පිය නැගීම අල්ලාහ් අනිවාර්ය කොට ඇත. හජ් වගකීම කවුරුන් හෝ පැහර හරින්නේද එසේ පැහැර හරින්නා පිළිබඳ කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැත. සියලු ලෝවැසියන්ගෙන් ඔහු පොහොසයත්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න