සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:96

إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ

ජනයාට (නැමදුම සඳහා) තබනු ලැබූ ප්‍රථම ගෘහය ලෝ වැසියනට මඟ පෙන්වන්නක් ලෙසින් ද සෞභාග්‍යමත් ලෙසින් ද මක්කාවෙහි පිහිටා ඇති දෑ(ගෘහය) වේ.

තෆ්සීර්

අල්ලාහ් ව නැමදීම සඳහා මුළු මිනිස් සංහතියටම මහපොළොවේ ඉදි කරනු ලැබූ ප්රථම නිවස මක්කාහ්වේ පිහිටි ‘බයිත් අල්ලාහ් අල්-හරාම්’ හෙවත් අල්ලාහ්ගේ ශුද්ධ නිවසයි. එය අභිවෘද්ධිමත්කමින් පිරුණු නිවසකි. ආගමික වශයෙන් හා ලෞකික වශයෙන් ප්රයෝජන බොහෝමයක් එහි ඇත. ලෝ වැසියන් සියල්ලටම ඒහි මගපෙන්වීම් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න