සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:95

قُلْ صَدَقَ اللَّهُ ۗ فَاتَّبِعُوا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් සත්‍ය පැවසුවේය. එබැවින් නුඹලා අවංක වූ ඉබ්‍රාහීම්ගේ පිළිවෙත පිළිපදිනු. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය.

තෆ්සීර්

අහෝ! නබිවරය, යඃකූබ් තුමාණන් ගැන කවර තොරතුරක් දන්වා සිටියේ ද ඒ ගැනත් අල්ලාහ් පහළ කළ එමෙන්ම ආගමානුගත කළ සියල්ල ගැනත් අල්ලාහ් සත්යයම පවසා ඇත. එහෙයින් නුඹලා ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාගේ දහම අනුගමනය කරනු. එතුමාණන් අන් සියලු දහම්වලින් දුරස් වී ඉස්ලාම් දහම වෙත නැඹුරු වූහ. කිසිවිටෙක එතුමාණන් අල්ලාහ් සමග කිසිවකු ආදේශ නොකළහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න