සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:93
۞ كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِبَنِي إِسْرَائِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَىٰ نَفْسِهِ مِنْ قَبْلِ أَنْ تُنَزَّلَ التَّوْرَاةُ ۗ قُلْ فَأْتُوا بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِنْ كُنْتُمْ صَادِقِينَ
තව්රාතය පහළ කරනු ලැබීමට පෙර ඉස්රාඊල්(යඃකූබ්) තමන් කෙරෙහි තහනම් කර ගත් දෑ හැර ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්ට අනුමත ව තිබිණ යැයි (නබිවරය) පවසනු. එහෙයින් නුඹලා සත්යවාදීන් නම් තව්රාතය ගෙනැවිත් එය කියවා බලනු.
තෆ්සීර්
ප්රණීත ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්හට අනුමත විය. තව්රාතය පහළ වීමට පෙර යඃකූබ් තමන් මත කවර දෙයක් තහනම් කර ගත්තේද ඒ හැර වෙනත් කිසිවක් ඔවුන් වෙත තහනම් නොවීය. සැබැවින්ම එය තව්රාතයේ තහනම් කර ඇතැයි යුදෙව්වන් සිතනවාක් මෙන් නැත. අහෝ! නබිවරය, ඔවුනට මෙසේ පවසනු ‘නුඹලා තර්ක කරන දෑ ගැන නුඹලා සත්යවාදීන් ලෙස සිටින්නෙහු නම් නුඹලා තව්රාතය ගෙන කියවා බලනු.’ එවිට ඔවුන් වික්ෂිප්ත වූහ. එය ගෙන ආවේ නැත. යුදෙව්වන් තව්රාතයේ නාමයෙන් ගොතා පවසා ඇති බවටත් එහි අන්තර්ගත දෑ විකෘති කර ඇති බවටත් සාක්ෂි වශයෙන් මෙම උදාහරණය පෙන්වා දෙයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න