සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:92
لَنْ تَنَالُوا الْبِرَّ حَتَّىٰ تُنْفِقُوا مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ
නුඹලා ප්රිය කරන දැයින් නුඹලා වියදම් කරන තෙක් නුඹලා යහපත ලබා නොගන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳ ව නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානී ය.
තෆ්සීර්
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා ප්රිය කරන වස්තුවෙන් යමක් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන තෙන් දැහැමියන් සතු කුසල් හෝ ඔවුන්ගේ නිලය ඔබ කිසිසේත් නොලබනු ඇත. නුඹලා සුළු වශයෙන් හෝ අධික වශයෙන් හෝ යමක් වියදම් කළ ද සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ චේතනාවන් හා නුඹලාගේ ක්රිියාවන් පිළිබඳ මැනවින් දැන සිටියි. සෑම කෙනෙකුටම ඔහුගේ ක්රියාවන් අනුව ප්රතිඵල දෙනු ලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න