සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:9

رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ

(තවද) අපගේ පරමාධිපති යාණනි, කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබම ය. සැබැවින් ම අල්ලාහ් ප්‍රතිඥාවන් කඩ නොකරන්නේය (යනුවෙන් ප්‍රාර්ථනා කරති.)

තෆ්සීර්

අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම සැකයට ඉඩක් නැති විනිශ්චය දිනයේ ඔවුන්ගෙන් විනිශ්චය කිරීම සඳහා ඔබ මිනිසුන් සියල්ල එක්රැස් කරන්නෙහිය. එම දිනය පැමිණේනේමය. ඒ ගැන කිසිදු සැකයක් නැත. අහෝ! පරමාධිපතියාණනි, නියත වශයෙන්ම ඔබ ප්රතිඥා කඩ නොකරන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න