සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:10
إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَٰئِكَ هُمْ وَقُودُ النَّارِ
නියත වශයෙන් ම දේවත්වය ප්රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නොවන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය.
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් හෝ මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් ආරක්ෂා නොකරනු ඇත. මෙවන් ගති ලක්ෂණ වලින් වර්ණනා කරනු ලැබූවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවුලනු ලබන ගින්නේ ඉන්ධන වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න