සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:11
كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ
ෆිර්අවුන්ගේ පරපුර හා ඔවුනට පෙර සිටියවුන්ගේ සිරිත මෙනි. ඔවුහු අපගේ වදන් අසත්ය කළෝය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන් ව (දඬුවමට) හසු කළේය. තව ද අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි ය.
තෆ්සීර්
දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන්ගේ විෂය ෆිර්අවුන් පැළැන්තියගේ හා ඔවුනට පෙර අල්ලාහ් ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළ අයගේ විෂයයට සමානය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුනට දඬුවම් කළේය. ඔවුන්ගේ සම්පත් හෝ ඔවුන්ගේ දරුවන් ඔවුනට ඵලක් නොවීය. අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළවුනට ඔහු දැඩි ලෙස දඬුවම් කරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න