සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:12
قُلْ لِلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ الْمِهَادُ
නුඹලා අබිබවා යනු ලබනු ඇත. තව ද නිරය වෙත ඒකරාශී කරනු ලබනු ඇත යැයි දේවත්වය ප්රතික්ෂේප කළවුනට නුඹ පවසනු. එම නවාතැන නපුරු ය.
තෆ්සීර්
අහෝ! දූතයනි, ඔවුන්ගේ දහම් පිළිබඳ ව ඔවුන් මතභේද ඇති කර ගනිමින් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුනට නුඹ මෙසේ පවසනු. ‘දෙවියන් විශ්වාස කරන්නන් නුඹලා අබිබවා යනු ඇත. නුඹලා දේව ප්රතික්ෂේපයේම මරණයට පත් වනු ඇත. අල්ලාහ් නුඹලා නිරා ගින්න වෙතට එක්රැස් කරනු ඇත. නුඹලාට එම යහන වඩාත් නපුරුදායක වනු ඇත.’
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න