සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:13

قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا ۖ فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌ يَرَوْنَهُمْ مِثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ ۚ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَنْ يَشَاءُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَارِ

(යුද්ධය සඳහා) හමු වූ දෙපිරිස තුළ නුඹලාට සංඥාවක් ඇත. පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදුණහ. අනෙක් පිරිස දේව ප්‍රතික්ෂේපකයෝ ය. මොවුහු ඔවුන් ව (යුද පිටියේ) දෙගුණයක් මෙන් පියවි ඇසින් දුටුවෝය. අල්ලාහ් තමන් අභිමත කරන අයට තම උපකාරයෙන් (ජයග්‍රහණය) තහවුරු කරන්නේය. මනා දැක්මකින් යුත් අයට මෙහි පාඩමක් ඇත.

තෆ්සීර්

බද්ර් යුද දිනයේදී එකිනෙකා හමු වූ කණ්ඩායම් දෙක තුළ නුඹලාට සාධක හා ආදර්ශ ඇත. එම කණ්ඩායම් දෙකින් එක් කණ්ඩායමක් දෙවියන් විශ්වාස කළ උදවියයි. එනම් අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ මිතුරන්ගේ සහභාගිත්වයෙන් යුත් පිරිසයි. ඔවුන් අල්ලාහ්ගේ වදන ඉහළින් වැජඹෙනු පිණිසත් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ වදන පහත දමනු පිණිසත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ අය වෙති. අනෙක් කණ්ඩායම දෙවියන් ප්රතික්ෂේප කළ කණ්ඩායමයි. ඔවුන් උදම් අණමින් හිතුවක්කාර ලෙස පිටත් ව ආ මක්කාහ් ප්රතික්ෂේපකයින් වෙති. දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් තම දෑසින්ම තමන්ගේ දුබලකම මැනවින් දුටුවේය. එවිට අල්ලාහ්ට සමීපයෙන් කටයුතු කළ මොවුනට ඔහු උදව් කළේය. අල්ලාහ් තමන් අභිමත කරන අයට ඔහුගේ උපකාරය තහවුරු කරන්නේය. මනා දැක්මක් ඇති උදවියට මෙහි පාඩමක් හා උපදෙසක් ඇත. එනම් දෙවියන් විශ්වාස කරන්නන් සංඛ්යාවෙන් අඩු වුවද ඔවුන්හට සැබැවින්ම ජයග්රහණය හිමි බවත් අපරාධකරුවන් සංඛ්යාවෙන් වැඩි වුව ද ඔවුන් පරාජයට පත්වන බවත් යන සත්යයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න