සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:14

زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالْأَنْعَامِ وَالْحَرْثِ ۗ ذَٰلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَاللَّهُ عِنْدَهُ حُسْنُ الْمَآبِ

කාන්තාවන්, පිරිමි දරුවන්, රන් හා රිදියෙන් රැස් කර තබන ලද ස්කන්ධ, සළකුණු තබනු ලැබූ අශ්වයින්, ගොවිපළ සතුන් හා වතු කෙරෙහි වූ තෘෂ්ණාවෙහි ඇල්ම ජනයාට අලංකෘත කරන ලදී. ඒවා මෙලොව ජීවිතයේ වින්දනයන් ය. තව ද අලංකාර යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වන ඔහු වෙත ය.

තෆ්සීර්

සැබැවින්ම මිනිසුන් පරීක්ෂාවට භාජනය කරනු පිණිස කාන්තාවන් දරුවන් රන් හා රිදියෙන් ගොඩ ගසා ගත් ධනය සලකුණු තබන ලද අශ්වයින් ඔටු එළු හා ගවයින් යන ගොවිපළ සතුන් මහපොළොවේ වගාවන් යනාදියෙන් ලෞකික ආශාවන් අල්ලාහ් ඔවුන්හට අලංකාරවත් කර ඇත. ඒවා කෙටි කලක් භුක්ති විද පසුව නැති වී යන ලෞකික ජීවිතයේ භුක්ති විදින වස්තු වෙති. එහි එල්ලී සිටීම දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට සුදුසු නොවන්නේය. නැවත යොමු වන යහපත් ස්ථානය ඇත්තේ අල්ලාහ් අබියස පමණය. එය අහස් හා පොළොව තරම් වූ උදාර ස්වර්ගයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න