සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:15

۞ قُلْ أَؤُنَبِّئُكُمْ بِخَيْرٍ مِنْ ذَٰلِكُمْ ۚ لِلَّذِينَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُطَهَّرَةٌ وَرِضْوَانٌ مِنَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ

මේවාට වඩා ශ්‍රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැයි (නබිවරය!) විමසනු. බිය බැතිමතුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා උයන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝය. තව ද අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද පිවිතුරු අඹුවන් ද ඇත. තව ද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

තෆ්සීර්

අහෝ! දූතයනි, මෙම ආශාවන්ට වඩා යහපත් දෑ කුමක් ද යන්න නුඹ ඔවුනට පවසා සිටිනු. අල්ලාහ්ට අවනතභාවය දක්වන ක්රියාවල නිරත වී පාපය රැස් කරන දෑ අතහැර දමා අල්ලාහ්ට බිය බැතිමත්කමින් යුතු ව කටයුතු කරන්නන්හට ස්වර්ග මාලිගාවන් හා ගස් වලට පහළින් ගලා යන ස්වර්ග උයන් ඇත. කිසිදු මරණයක් හෝ විනාශයක් හෝ ඔවුනට ඇති නොවී එහි ඔවුන් සදාකල් වෙසෙනු ඇත. හැඩ අලංකාරයෙන් හා ගතිගුණ වලින් යුත්, සියලුම නපුරුකම්වලින් පිරිසිදු වූ කළත්රයන් ඔවුනට එහි ඇත. ඒ සමගම ඔවුන් වෙත පහළ වන අල්ලාහ්ගේ තෘප්තියද ඇත. ඔහු කිසිවිටෙක ඔවුන් කෙරෙහි කෝප නොවන්නේය. තම ගැත්තන්ගේ සියලුම තත්ත්වයන් පිළිබඳ ඔහු නිරීක්ෂාවෙන් සිටියි. ඒවායින් කිසිවක් ඔහුට සැගවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල මතු පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න