සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:16

الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ

ඔවුහු කවරහු ද යත් අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම අපි විශ්වාස කළෙමු. එහෙයින් ඔබ අපට සමාව දෙනු මැනව ! තව ද නිරා ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව ! යැයි පවසන්නෝ ය.

තෆ්සීර්

ස්වර්ගවාසීහූ වනාහි තම පරමාධිපති දෙස බලා ඔවුන්ගේ ප්රාර්ථනාවන්හි මෙසේ පවසා සිටිති. “අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම අපි ඔබ ව විශ්වාස කළෙමු. ඔබ ඔබේ දහම් දූතවරුන්හට පහළ කළ දෑ ද විශ්වාස කළෙමු. ඔබේ පිළිවෙත අපි අනුගමනය කළෙමු. එහෙයින් අප විසින් සිදු වන පාපයන් වලට අපට සමාව දෙනු මැනව! නිරයේ දඬුවමින් අප මුදවලනු මැනව!”

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න