සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:17
الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنْفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ
ඔවුහු ඉවසිලිවන්තයෝය. සත්ය පවසන්නෝය. යටහත් වන්නෝය. වියදම් කරන්නෝය. අලුයම් (සහර්) කාලයෙහි පාප ක්ෂමාවෙහි නිරත වන්නෝය.
තෆ්සීර්
අල්ලාහ්ට අවනත වන කටයුතු වලදී හා පාපකම් අතහැර දමන කටයුතු වලදී ඔවුහු ඉවසීමෙන් ඒවා දරා ගෙන කටයුතු කරති. ඔවුනට අත්වන පරීක්ෂණ සඳහා ඔවුන් ඉවසීමෙන් මුහුණ දෙති. ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ කටයුතු වලදී ඔවුන් සත්යවාදීන් ලෙස ක්රිය කරති. පූර්ණ ලෙස අල්ලාහ්ට අවනත වෙති. අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන්ගේ ධනය වියදම් කරති. පතන ප්රාර්ථනාවන්ට පිළිතුරු ලබන්නට රාත්රිය අවසාන කාලය වඩාත් යෝග්ය වන බැවින් හා එහි හදවත් කාර්යබහුලත්වයෙන් සන්සුන් ව ඇති බැවින් එම වේලාවෙහි ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න