සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:18
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත යැයි සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද යුක්තිය ඉටු කරමින් සිටින ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) සියුම් ඥානී සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත.
තෆ්සීර්
සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට තමන් හැර වෙනත් කිසිවකු නොමැති බව අල්ලාහ් ම සාක්ෂි දරයි. එය ඔහුගේ දේවත්වය විදහාපාන භෞතික හා ආධ්යාත්මික සාධකය නගා සිටුවමිනි. ඒ කෙරෙහි මලක්වරු ද සාක්ෂි දරති. විද්වතුන්ද ඒවා විස්තර කරමින් ඔහුගේ ඒකීයත්වය තහවරු කරමින් මිනිසා ඒ වෙත කැඳවමින් සාක්ෂි දරති. ඔහු ගැන සාක්ෂි දරනු ලබන අතිමහත් කරුණ වනුයේ අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම හා ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් හා ඔහුගේ පිළිවෙත සම්බන්ධයෙන් ඔහු සාධාරණ ලෙසින් නැගී සිටින බවට වූ විශ්වාසයයි. සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු අබිබවා යන කිසිවකු නැත. ඔහුගේ මැවීම් පිළිබඳවත් ඔහුගේ සැලසුම් හා ආගමානුගත කිරීම් පිළිබඳවත් ඔහු සියුම් ඥානීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න