සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:19
إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ ۗ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۗ وَمَنْ يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්රන්ථය පිරිනමනු ලැබූ අය, ඔවුන් වෙත ඥානය පැමිණි පසු ව ඔවුන් අතර තිබූ ඊර්ෂ්යාව හේතුවෙන් මිස ඔවුහු භේද නොවූහ. තව ද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.
තෆ්සීර්
අල්ලාහ් අබියස පිළිගනු ලැබූ දහම ඉස්ලාම් නොහොත් අවනතභාවයේ දහමයි. එනම් ඔහුට පමණක් අවනත වී ඔහුට නැමදුම් පුද කොට යටහත් වී ඔහුගේ දූත මෙහෙවර සඳහා එවනු ලැබූ අවසාන දූතයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඇතුළු ව සියලු නබිවරුන් විශ්වාස කිරීමය. ඔහුගේ පිළිවෙත මිස වෙනත් කිසිදු පිළිවෙතක් පිළිගනු නොලැබේ. යුදෙව්වන් හා කිතුනුවන් වෙත පැමිණි ඥානය හා දැනුම පූර්ව සාධක ලෙස ඔප්පු කිරීමෙන් පසු ව මිස ඔවුන් ඊර්ෂ්යාව හා ලෞකික ආශාවන් හේතුවෙන් කණ්ඩායම් හා නිකාය වලට බෙදී ඔවුන්ගේ දහම තුළ වෙන් වී නොගියහ. අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ සාධක කවරෙකු ප්රතික්ෂේප කරන්නේද එසේ තම දූතවරු බොරු කොට ප්රතික්ෂේප කළවුන් සඳහා සැබැවින්ම අල්ලාහ් විනිශ්චය ඉක්මන් කරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න