සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:20

فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ ۗ وَقُلْ لِلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوْا ۖ وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ

එබැවින් නුඹ සමඟ ඔවුන් වාද කළේ නම් එවිට මම මාගේ මුහුණ අල්ලාහ්ට යටහත් කළෙමි. තව ද මා අනුගමනය කළ අය ද (එසේ යටහත් කළෝය) යැයි නුඹ පවසනු. තව ද නුඹලා යටහත් වූයෙහු දැයි දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූවන්ගෙන් හා ලිවීමේ කියවීමේ හැකියාව නොදරන්නන්ගෙන් විමසනු. ඔවුහු එසේ යටහත් වූයෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු යහමඟ ලැබුවෝය. ඔවුහු පිටුපෑවෙහු නම් එවිට ඔබේ වගකීම වනුයේ දන්වා සිටීම පමණ ය. තව ද අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

තෆ්සීර්

අහෝ! දූතය, නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් නුඹ සමග වාද කළේ නම් ඔවුනට පිළිතුරු වශයෙන් ‘මා හා මා අනුගමනය කළ දේව විශ්වාස කරන්නන් වන අපි අල්ලාහ්ට යටත් වන්නෙමු’ යැයි පවසනු. අහෝ! දූතය, ‘මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේද එය පිළිපදිමින් අල්ලාහ්ට අවංක ලෙසින් නුඹලා යටහත් වන්නේදැ?’යි තවදුරටත් ආගම් ලත් ජනයා හා දෙවියන් වෙත ආදේශ තබන්නන්ගෙන් නුඹ විමසා සිටිනු. ඔවුන් අල්ලාහ්ට යටහත් වී නුඹගේ පිළිවෙත පිළිපදින්නේ නම් සැබැවින්ම ඔවුහු ඍජු මාර්ගයේ ගමන් කරනු ඇත. නමුත් ඔවුන් ඉස්ලාමය පිටුදකින්නේ නම් නුඹ වෙත එවනු ලැබූ දෑ නුඹ ඔවුනට ප්රචාරය කිරීම මිස වෙනත් කිසිදු ක්රියාමාර්ගයක් නුඹට නැත. ඔවුන්ගේ විෂයය නුඹ අල්ලාහ් වෙත අතහැර දමනු. ඔහුගේ ගැත්තන් පිළිබඳ ඔහු සර්ව නිරීක්ෂකය. ක්රියා කරන සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න