සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:21
إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ
නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරන, යුක්තියෙන් තොර ව නබි වරුන් ව ඝාතනය කරන, සාධාරණ ලෙසින් (තීන්දු තීරණ) නියෝග කරන්නන් ව ඝාතනය කරන අය, වේදනීය දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
තෆ්සීර්
අල්ලාහ් ඔවුන් වෙත පහළ කළ සාධක ප්රතික්ෂේප කොට කිසිදු යුක්තියකින් තොරව සතුරුකමින් හා අසාධාරණ ලෙසින් ඔහුගේ දූතවරුන් ඝාතනය කොට ජනයා අතර යහපත විධානය කරමින් හා අයහපත වළක්වමින් යුක්තිය හා සාධාරණය පිහිටුවාලන්නට නියෝග කර සිටියවුන් ඝාතනය කළවුන් වනාහි එවන් සාහසික ඝාතකයින්හට වේදනීය දඬුවමක් ඇති බව නුඹ දන්වා සිටිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න