සූරා 3 · ජුස් 3
Our Lord, do not let our hearts deviate · Ali 'Imran 3:8
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً ۚ إِنَّكَ أَنْتَ الْوَهَّابُ
අපගේ පරමාධිපතියාණනි, ඔබ අප ව යහමඟ යොමු කළ පසු ව අපගේ හදවත් විකෘතිභාවයට පත් නොකරනු. තව ද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු. සැබැවින් ම ඔබ ම ය මහා ත්යාගශීලී වන්තය.
තෆ්සීර්
එම ගැඹුරු ඥානය ඇත්තවුන්: ‘අපගේ පරමාධිපතියාණනි, ඔබ අපට යහමග පිරිනැමුවායින් පසුව එම සත්යයෙන් අපගේ හදවත් වෙනතකට යොමු නොකරනු මැනව! එසේ සත්යයෙන් නැඹුරු වී එය විකෘති කරන්නන් සිදුකරන දැයින් අප නිවැරදි කරනු මැනව! අපගේ හදවත් මග ලබන අයුරින් අපහට ඔබේ අතිමහත් ආශිර්වාදය පිරිනමනු මැනව! එයින් ඇතිවන මුළාවෙන් අප ආරක්ෂා කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ අධික ලෙස පිරිනමන දානපතියාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න