සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:7
هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ ۖ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ ۗ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ
නුඹ වෙත ධර්ම ග්රන්ථය පහළ කළේ ඔහු ය. එයින් මුහ්කමාත් (හෙවත් පැහැදිලි තීන්දු සහගත) වැකි ඇත. ඒවා ධර්ම ග්රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා මුතෂාබිහාත් (හෙවත් සමරෑපතා ඇති) වැකි ය. එබැවින් කවරෙකුගේ හදවතෙහි ව්යාකූලත්වය ඇත්තවුන් වනාහි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් සමරූපතා ඇති දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තව ද අපි ඒවා විශ්වාස කළෙමු. සියල්ල අපගේ පරමාධිපති වෙතිනි යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි නොකරන්නෝය.
තෆ්සීර්
අහෝ! නබිවරය, නුඹ වෙත අල් කුර්ආනය පහළ කළේ ඔහුය. එහි සාධක සහිත පැහැදිලි වදන් ඇත. ඒවායෙහි සැකයට ඉඩක් නැත. ඒවා දේව පුස්තකයේ මූලයයි. එහි ඇති බහුතරයක් වැකි එවැනි වැකිය. මතභේද ඇති වන අවස්ථාවන්හි ඒවා නිවැරදි දෑ වෙතටම යොමු කරනු ඇත. එමෙන්ම විවිධ බහු අර්ථ ඇති තවත් වැකිද ඇත. එහි අර්ථ පිළිබඳ බොහෝ ජනයා අතර විවිධ අදහස් පවතී. තම හදවත් වල සත්යයෙන් නැඹුරුවීමක් ඇති උදවිය වනාහි එම මුහ්කමාත් හෙවත් පැහැදිලි තීන්දු සහිත වදන් අතහැර දමා මුතෂාබිහාත් හෙවත් නිවැරදි අර්ථයක් දිය නොහැකි සමරූපතා ඇති වදන් ගනිති. එමගින් මිනිසා අතර සැකය ඇති කිරීමටත් ඔවුන් නොමග යැවීමටත් අපේක්ෂා කරති. කලහකාරීන්ගේ සංකල්ප වලට අනුකූල ව තමන්ගේ කැමැත්ත පරිදි ඒවා හරවා ගන්නට අපේක්ෂා කරති. එවන් වදන්හි සැබෑ අර්ථය හා ඒවා පෙන්වා දෙන අවසන් තීන්දු පිළිබඳ යථාර්ථය අල්ලාහ් හා ඔහු විසින් ප්රඥාව පිරිනැමූ ගැඹුරු ඥානය ඇති උදවිය හැර වෙනත් කිසිවකු නොදනී. ඔවුහු 'අල් කුර්ආනය අපගේ පරමාධිපති වෙතින් වූවක් බැවින් අපි එය මුළුමණින්ම විශ්වාස කළෙමු.' යැයි පවසති. ඔහු කවර කරුණක් ඔවුන් වෙත තීන්දු වශයෙන් පිරිනැමුවේද එවන් දෑ අනුව මුතෂාබිහ් වදන් විස්තර කරති. මනා බුද්ධිය ඇත්තවුන් මිස වෙනත් කිසිවකු එය මෙනෙහි කර උපදෙස් නොලබති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න