සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:6
هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
ගර්භාෂයන් තුළ නුඹලා ව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය. සර්ව බලධාරී සියුම් ඥානවන්ත වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත.
තෆ්සීර්
නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ ඔහු අභිමත කරන පරිදි පිරිමියෙකු හෝ කාන්තවක ලෙසින් ද ලස්සන හෝ අවලස්සන ලෙසින්ද සුදු හෝ කළු ලෙසින්ද නුඹලා ව හැඩ ගස්වා මැව්වේ ඔහුය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු කිසිවකු විසින් අබිබවා යනු නොලබන සර්ව බලධාරියාය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ නීති සම්පාදනය යනාදියේ ඔහු වඩාත් සියුම්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න