සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:86

كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُوا أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءَهُمُ الْبَيِّنَاتُ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

තමන් වෙත පැමිණි පැහැදිලි සාධක තුළින් රසූල්වරයා සත්‍යය යැයි සාක්ෂි දරා ඔහු ව ඔවුන් විශ්වාස කළ පසුව (එම රසූල්වරයා ව) ප්‍රතික්ෂේප කරන පිරිසක් අල්ලාහ් යහ මඟ යොමු කරනුයේ කෙසේ ද? අල්ලාහ් මෙවැනි අපරාධකාර පිරිසට මඟ පෙන්වන්නේ නැත.

තෆ්සීර්

අල්ලාහ් ව විශ්වාස කළ පසු ව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගෙන ආ දෑ සත්යය බවටත් එහි සත්යතාව තහවුරු කරමින් පැහැදිලි සාධක හා සාක්ෂි ඔවුන් වෙත පැමිණ ඇති බවටත් සාක්ෂි දැරීමෙන් පසු එය ප්රතික්ෂේප කළ පිරිසකට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කිරීම සඳහා ඔහු ආශිර්වාද කරනුයේ කෙසේද? යහමග වෙනුවට නොමග තෝරා ගත් අපරාධකාරී ජනයාට තමන් පිළිබඳ විශ්වාස කිරීම සඳහා අල්ලාහ් ආශිර්වාද නොකරන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න