සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:85

وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ

කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තව ද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි.

තෆ්සීර්

කවරෙකු අල්ලාහ් තෝරා දුන් ඉස්ලාම් දහම හැර වෙනත් දහමක් සොයන්නේ ද එය ඔහුගෙන් අල්ලාහ් පිළිගන්නේ නැත. එවැන්නන් මතු ලොවෙහි නිරා ගින්නට පිවිසීමෙන් අසරණ වූ අලාභවන්තයින් අතරට පත් වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න