සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:84

قُلْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَالنَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

අපි අල්ලාහ් ව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද, ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා යඃකූබ්ගේ පරපුරට දෙනු ලැබු දෑ ද, තම පරමාධිපතිගෙන් මූසා, ඊසා හා නබිවරුන්ට දෙනු ලැබූ දෑ ද, විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු අතර වෙනස්කම් ඇති නොකළෙමු. තව ද අපි ඔහුට අවනත වන්නෝ (මුස්ලිම්වරුන්) වෙමු යැයි ඔබ පවසනු.

තෆ්සීර්

අහෝ! දූතය, නුඹ මෙසේ පවසනු: ‘අල්ලාහ් අපගේ එකම දෙවියන් බවට විශ්වාස කළෙමු. ඔහු අණ කළ දෑට අපි අවනත වූයෙමු. අප වෙත ඔහු පහළ කළ පණිවිඩ විශ්වාස කළෙමු. එමෙන්ම ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් සහ යඃකූබ් යන නබිවරුන් හට පහළ කළ දෑ ද යඃකූබ්ගේ පරපුරින් බිහි වූ නබිවරුන්හට පහළ කළ දෑ ද ඊසා හා මූසා මෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගෙන් පුස්තක හා සාක්ෂි සාධක ලැබූ සියලු නබිවරුන්හට පිරිනමනු ලැබූ දෑ ද අපි විශ්වාස කළෙමු. ඔවුන් අතර අපි වෙනසක් දැක, කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප නොකරන්නෙමු. අපි අල්ලාහ්ට පමණක් අවනත වන්නෙමු. උත්තරතර ඔහුට පමණක් යටහත් වන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න