සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:83

أَفَغَيْرَ دِينِ اللَّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ

අල්ලාහ්ගේ දහම හැර ඔවුන් සොයන වෙනත් යමක් තිබේ ද ? අහස් හා මහපොළොව තුළ ඇති අය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ ඔහුටම යටහත් වෙති. තව ද ඔහු වෙතම ඔවුහු නැවත යොමු කරනු ලබන්නෝය.

තෆ්සීර්

අල්ලාහ්ගේ දහම (ඉස්ලාමය) හැර ඔහුගේ ගැත්තන්හට ඔහු තෝරා දුන් වෙනත් දහමක් තිබේද? ඔහුගේ දහමින් හා ඔහුගේ අවනතභාවයෙන් බැහැරවූවන් එය හැර වෙනත් දහමක් සොයන්නෝද? අහස්හි හා මහපොළොවේ ඇති සියලු මැවීම් යටහත් වන්නේත් අවනත වන්නේත් සුවිශුද්ධ වූ ඔහුට පමණය. එය මුඃමින් නොහොත් දෙවියන් විශ්වාස කරන්නන් මෙන් කැමැත්තෙන් පිළිගන්නන් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මෙන් අකමැත්තෙන් හෝ පිළිගන්නන්ද වෙති. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා සියලු මැවීම් උත්තරීතර ඔහු වෙතම යොමු කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න