සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:79

مَا كَانَ لِبَشَرٍ أَنْ يُؤْتِيَهُ اللَّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا عِبَادًا لِي مِنْ دُونِ اللَّهِ وَلَٰكِنْ كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنْتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنْتُمْ تَدْرُسُونَ

ඔහුට වේද ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනමනු ලැබ පසු ව අල්ලාහ් හැර මට ගැතිකම් කරනු යැයි ජනයාට පැවසීම කිසිදු මිනිසෙකුට සුදුසු නැත. එහෙත් දේව ග්‍රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද, නුඹලා ඒකදේවවාදීන් වනු. (යැයි ඔහු පවසනු ඇත)

තෆ්සීර්

අල්ලාහ් වෙතින් පහළ කරන ලද ලේඛනයක් මිනිසෙකුට පිරිනමා දැනුම හා අවබෝධය ද ඔහුට පිරිනමා, ඔහුව නබිවරයකු ලෙස තෝරා පත් කළ පසුව: “අල්ලාහ් හැර නුඹලා මට ගැතිකම් කරනු” යැයි පැවසීම එම මිනිසාට සුදුසු නොවන්නේය. නමුත් ඔහු ඔවුනට: “මිනිසුනට පහළ කරන ලද පුස්තකය නුඹලා ඉගැන්වීම හේතුවෙන් සහ එයින් නුඹලා වටහාගත් දෑ හා ආරක්ෂා කළ දෑ උගන්වන්නන් ලෙස සිටිමින් නුඹලා නැමදුම් ඉටු කරන මිනිසුන් හැඩගස්වන ඔවුන්ගේ කටයුතු විධිමත් කරන විද්වතුන් ලෙස සිටිනු යැයි පැවසිය හැක.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න