සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:78

وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُمْ بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِنْدِ اللَّهِ وَمَا هُوَ مِنْ عِنْدِ اللَّهِ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

තව ද ඔවුන් අතුරින් තවත් පිරිසක් වෙති. ඔවුහු නියත වශයෙන් ම ධර්ම ග්‍රන්ථය (කියවන විට) තම දිවවල් හරවමින් කියවති. එය දේව ග්‍රන්ථයේ දෙයක් බව නුඹලා සිතනු පිණිසය. නමුත් එය දේව ග්‍රන්ථයෙන් නොවෙයි. තව ද එය අල්ලාහ් වෙතින් යැයි පවසති. එහෙත් එය අල්ලාහ් වෙතින් ද නොවෙයි. තව ද ඔවුහු දැනුවත් ව සිටිය දී ම අල්ලාහ් කෙරෙහි අසත්‍ය ප්‍රකාශ කරන්නෝය.

තෆ්සීර්

යුදෙව්වන් අතර අල්ලාහ් වෙතින් පහළ වූ තව්රාතය නොහොත් තෝරාවේ නැති දෑ මෙනෙහි කරමින් තම දිවවල් හරවා පවසන පිරිසක් සිටිති. නියතවශයෙන්ම ඔවුන් කියවනුයේ තව්රාතය යැයි නුඹලා සිතනු ඇත. නමුත් එය තව්රාතය නොවන්නේය. ඒවා ඔවුන් අල්ලාහ් වෙත බොරු ගොත පවසන ඔවුන්ගේ ප්රකාශ පමණක් වෙයි. ඔවුහු: ‘අපි කියවා පෙන්වන දෑ අල්ලාහ් වෙතින් පහළ වූවක්’ යැයි පවසති. නමුත් එය අල්ලාහ් වෙතින් පහළ නොවූවකි. ඔවුන් අල්ලාහ් කෙරෙහි බොරු පවසති. ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි පවසන ඔවුන්ගේ බොරුව ගැන මැනවින් දනිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න