සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:77
إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللَّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلًا أُولَٰئِكَ لَا خَلَاقَ لَهُمْ فِي الْآخِرَةِ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ وَلَا يَنْظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින් ම අල්ලාහ්ගේ ගිවිසුම ද ඔවුන්ගේ දිවුරුම් ද සුළු මිලකට විකුණන්නන් වන ඔවුන් හට මතු ලොවෙහි කිසිදු කොටසක් නොමැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී අල්ලාහ් ඔවුන් සමඟ කතා නොකරන්නේය. ඔවුන් දෙස නොබලන්නේය. තව ද ඔවුන් ව පිවිතුරු නොකරන්නේය. තව ද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
තෆ්සීර්
අල්ලාහ් තම පුස්තකයේ පහළ කරනු ලැබූ දෑ හා ඔහු විසින් එවනු ලැබූ දූතවරුන් පිළිපැදීම සම්බන්ධයෙන් ද ඔවුන් කඩ කළා වූ ඔවුන්ගේ දිව්රීම් සම්බන්ධයෙන් ද ඔහු ඔවුන් සමග ඇතිකර ගත් ගිවිසුම මෙලොව සතුට සඳහා කවරෙකු සුළු මුදලක් වෙනුවෙන් වෙනස් කරන්නේ ද මතු ලොවෙහි ඔවුනට කිසිදු කොටසක් හිමි නොවන්නේය. ඔවුන් සතුටු වන දැයින් ඔවුන් සමග අල්ලාහ් කතා නොකරන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ කරුණා බැල්මෙන් ඔවුන් දෙස නොබලන්නේය. තවද ඔවුනට වේදනීය දඬුවම ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න