සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:76

بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِ وَاتَّقَىٰ فَإِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ

එසේ නොව කවරෙකු තම ගිවිසුම ඉටු කර බැතිමත් වූයේ ද සැබැවින් ම අල්ලාහ් බැතිමත් අය ව ප්‍රිය කරන්නේය. (යන වග දැන ගනු.)

තෆ්සීර්

ඔවුන් සිතනවාක් මෙන් එම කරුණ නැත. ඔවුනට එය පාපයකි. කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට අල්ලාහ් සමග ඇතිකර ගත් ගිවිසුම ඉටු කොට මිනිසුන් සමග ඇතිකර ගත් ගිවිසුම් ද ඉටු කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු පිළිබඳ බැතිමත් ව කටයුතු කරන්නේද සැබැවින්ම අල්ලාහ් එවැනි බැතිමතුන් ප්රිය කරනු ඇත. ඒ සඳහා ඔවුනට අති ගෞරවනීය ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න