සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:75

۞ وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِنْ تَأْمَنْهُ بِقِنْطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُمْ مَنْ إِنْ تَأْمَنْهُ بِدِينَارٍ لَا يُؤَدِّهِ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَائِمًا ۗ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لَيْسَ عَلَيْنَا فِي الْأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

දහම් ලත් ජනයා අතුරින් ඇතැම්හු නුඹ ඔහුට රන් පොදියක් භාර කළේ නම් එය නුඹට නැවත ලබා දෙති. එමෙන් ම තවත් ඇතැම්හු නුඹ ඔහුට දීනාරයක් භාර කළේ නම්, ඒ කෙරෙහි නුඹ නිරන්තරයෙන් (ඉල්ලා) සිටින තෙක් මිස නුඹ වෙත එය නැවත ලබා නොදෙති. එය ලිවීමට කියවීමට නොදත් අය සම්බන්ධයෙන් අප කෙරෙහි (වරදට හසු කිරීමේ) මඟක් නොමැතැ යි ඔවුන් පැවසූ බැවිනි. තව ද ඔවුහු දැන දැනම අල්ලාහ් ගැන බොරු ප්‍රකාශ කරන්නෝය.

තෆ්සීර්

ආගම් ලත් ජනයා අතුරින් කිසිවෙකුට නුඹ විශාල ධනස්කන්දයක් විශ්වාසයෙන් යුතු ව භාර කළේ නම් එම විශ්වාසය මත නුඹට එය ඉටු කරන්නට කැමැත්තෙන් සිටින උදවිය වෙති. එමෙන්ම සුළු මුදලක් විශ්වාසයෙන් යුතු ව භාර කළේ නම් එය නුඹ ඉල්ලීමෙන් හා තීන්දු කිරීමෙන් මිස විශ්වාසය මත නැවත ලබා නොදෙන උදවිය ද වෙති. එය ඔවුන්ගේ නරක ප්රකාශ හා නරක චේතානවන් හේතුවෙනි. ‘අරාබිවරුන් අතර ඔවුන්ගේ ධනය අනුභව කිරීම අප හට පාපයක් නොවන්නේය. අල්ලාහ් අප හට එය අනුමත කොට ඇත’යි පවසමින් එය අල්ලාහ් කෙරෙහි ගෙතූ බොරුවක් බව ඔවුන් දැන දැනම එසේ බොරු පවසා සිටිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න