සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:80
وَلَا يَأْمُرَكُمْ أَنْ تَتَّخِذُوا الْمَلَائِكَةَ وَالنَّبِيِّينَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُمْ بِالْكُفْرِ بَعْدَ إِذْ أَنْتُمْ مُسْلِمُونَ
තව ද නුඹලා මැලක්වරුන් ව හා නබිවරුන් ව පරමාධිපතිවරුන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නොකරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරයි ද?
තෆ්සීර්
එලෙසම නුඹලා මලක්වරුන් හා නබිවරුන් දෙවිවවරුන් ලෙස ගෙන අල්ලාහ් හැර ඔවුනට නැමදුම් ඉටු කරනු යැයි පවසා සිටීම ද සුදුසු නොවන්නේය. නුඹලා අල්ලාහ්ට යටහත් වී ඔහුට අවනත වූවායින් පසු අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමට ඔහු නුඹලාට නියෝග කර සිටීම සුදුසු කටයුත්තක් වන්නේද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න