සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:73
وَلَا تُؤْمِنُوا إِلَّا لِمَنْ تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَىٰ هُدَى اللَّهِ أَنْ يُؤْتَىٰ أَحَدٌ مِثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَاجُّوكُمْ عِنْدَ رَبِّكُمْ ۗ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
තවද නුඹලාගේ දහම පිළිපදින අය ව පමණක් මිස නුඹලා විශ්වාස නොකරනු. (යැයි ද ඔවුහු පවසති.) සැබැවින් ම සැබෑ මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟ පෙන්වීම ය යැයි (නබිවරය) නුඹ පවසනු. නුඹලාට දෙනු ලැබුවක් මෙන් (දේව ග්රන්ථයක්) කිසිවෙකුට දෙනු ලබනු ඇතැ යි හෝ එම විශ්වාසවන්තයින් නුඹලාගේ පරමාධිපති අබියස වාද කරමින් නුඹලා ව ජය ගනු ලබනු ඇතැ යි හෝ නුඹලා විශ්වාස නොකරනු (යැයි ද ඔවුහු පවසති) සැබෑ භාග්යය අල්ලාහ්ගේ අතෙහි ය. එය ඔහු අභිමත අයට පිරිනමන්නේය. තව ද අල්ලාහ් සර්ව ව්යාපක ය සර්ව ඥානී ය.
තෆ්සීර්
තවදුරටත් ඔවුහු: ‘නුඹලාගේ දහම පිළිපදින්නන් මිස වෙනත් කිසිවකු නුඹලා විශ්වාස කොට පිළි නොපදිනු’ යැයි පැවසුවෝය. අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගය වනුයේ සත්යය වෙත වූ මාර්ගයයි. ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා පිළිගත්තේ නම් නුඹලාගේ පරමාධිපති අභියස නුඹලාට එරෙහි ව කිසිවකු තර්ක කරනු ඇතැයි යන බියෙන් හා නුඹලාට පිරිනමනු ලැබුවාක් මෙන් ඔවුනට ද භාග්යය පිරිනමනු ලබනු ඇතැයි යන බියෙන් මිස නුඹලා ඒ ගැන බොරුකරමින් හා හිතුවක්කාරකමින් කටයුතු කළේ නැත. අහෝ! දූතය, නුඹ ඔවුනට තවදුරටත්: සැබැවින්ම භාග්යය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු තම ගැත්තන් අතරින් තමන් ප්රිය කරන්නන්හට එය පිරිනමනු ඇත. ඔහුගේ භාග්යය එක් සමූහයක් අතහැර දමා තවත් සමූහයකට පමණක් සීමා වූවක් නොවේ. අල්ලාහ් අතිමහත් භාග්යය ඇත්තාය. ඒ සඳහා සුදුස්සන් කවුරුන් ද යන්න ඔහු මැනවින් දන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න