සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:72

وَقَالَتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ آمِنُوا بِالَّذِي أُنْزِلَ عَلَى الَّذِينَ آمَنُوا وَجْهَ النَّهَارِ وَاكْفُرُوا آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ

දහම් ලත් ජනයා අතුරින් පිරිසක්, විශ්වාස කළවුනට පහළ කළ දෑ නුඹලා දහවල් කාලයේ විශ්වාස කර, එහි අවසන් භාගයේ නුඹලා ප්‍රතික්ෂේප කරනු යැයි පවසති. ඔවුන් නැවත හැරී පැමිණිය හැකි වනු පිණිස.

තෆ්සීර්

යුදෙව් විද්වතුන් පිරිසක් තම අනුගාමිකයින් දෙස බලා "දහවල් කාලය වන විට දෙවියන් විශ්වාස කරන මුුුුඃමින්වරුන්හට පහළ කරන ලද අල් කුර්ආනය මතුපිටින් විශ්වාස කරනු. සවස් කාලය වන විට එය ප්රතික්ෂේප කරනු. නුඹලා එය විශ්වාස කොට පසු ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ගේ දහම තුළ ඔවුනට සැක මතු වී 'අපට වඩා අල්ලාහ්ගේ පුස්තකය පිළිබඳ ඔවුන් මැනවින් දැන දැනත් එයින් හැරී ගොස් ඇත යැයි පවසමින් ඔවුන් ද එයින් හැරෙන්නට ඉඩ ඇත" යැයි පවසා සිටියහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න