සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:71
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ
දහම් ලත් ජනයිනි! සත්යය සමඟ අසත්යය නුඹලා මුසු කරනුයේ මන් ද? නුඹලා දැනුවත් ව සිටිය දී සත්යය වසන් කරන්නෙහුය.
තෆ්සීර්
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලාගේ පුස්තක වල පහළ කරනු ලැබූ සත්යය සමග නුඹලා සතු ව ඇති ව්යාජ කරුණු මුසු කරනුයේ මන්ද? එහි ඇති සත්යය හා මග පෙන්වීම් නුඹලා වසන් කරන්නෙහුය. මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වයේ සහතිකය ද ඉන් එකකි. නුඹලා ව්යාජත්වය හා සත්යය කුමක් ද යන්නත් මුළාව හා යහමග කුමක් ද යන්නත් මැනවින් දන්නෙහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න