සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:66
هَا أَنْتُمْ هَٰؤُلَاءِ حَاجَجْتُمْ فِيمَا لَكُمْ بِهِ عِلْمٌ فَلِمَ تُحَاجُّونَ فِيمَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
මෙන්න මේ නුඹලාය, නුඹලාට කවර දෙයක් ගැන දැනුමක් ඇත්තේ ද එවැනි දෙයක් පිළිබඳ ව නුඹලා වාද කළෙහුය. තවද කවර දෙයක් පිළිබඳ ව නුඹලාට දැනුමක් නොමැත්තේ ද එවැනි දෙයක් පිළිබඳ නුඹලා වාද කරනුයේ මන් ද? තව ද අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
තෆ්සීර්
අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ හි සඳහන් හා නුඹලාගේ දහම තුළ දැනුවත් කර ඇති මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පිළිබඳ ව නුඹලා තර්ක කරන්නෙහුය. එසේ තිබියදී ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාණන් පිළිබඳ ව හා ඔහුගේ පිළිවෙත පිළිබඳ ව නුඹලාට කිසිදු දැනුමක් නැති දෑ පිළිබඳ නුඹලා තර්ක කරනුයේ මන්ද? එය නුඹලාගේ පුස්තක වල නැත. එමෙන්ම නුඹලාගේ දූතවරුන් ගෙන ආවේ ද නැත. අල්ලාහ් සියලු කරුණු වල යථාර්ථය හා ඇතුළාන්තය දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න