සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:65

يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَاجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنْزِلَتِ التَّوْرَاةُ وَالْإِنْجِيلُ إِلَّا مِنْ بَعْدِهِ ۚ أَفَلَا تَعْقِلُونَ

දහම් ලත් ජනයිනි! ඉබ්‍රාහීම් සම්බන්ධයෙන් නුඹලා වාද කරනුයේ මන් ද? ඔහුගෙන් පසු ව මිස තව්රාතය හා ඉන්ජීලය පහළ වූයේ නැත. (ඒ බව) නුඹලා වටහා නොගන්නෙහු ද?

තෆ්සීර්

අහෝ! ආගම් ලත් ජනයිනි, නුඹලා ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිබඳ තර්ක කරනුයේ මන්ද? සැබැවින්ම ඉබ්රාහීම් තමන්ගේ කෙනෙකු බව යුදෙව්වන් සිතති. එමෙන්ම එතුමා තමන්ගේ කෙනෙකු බව කිතුනුවන් සිතති. එතුමාගේ මරණයෙන් පසු ව දීර්ඝ කාලයක් ගතවූවායින් පසු ව මිස යුදෙව්වන් හා කිතුනුවන් බිහි නොවූ බව නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා පවසන ව්යාජ ප්රකාශ හා නුඹලා සිතන වැරදි අදහස් පිළිබඳ නුඹලා බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න