සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:64

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَىٰ كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ ۚ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ

අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නොනමදිමු. ඔහුට කිසිවක් ආදේශ නොතබමු. අල්ලාහ් ගෙන් තොර ව අප අතුරින් ඇතැමෙකු ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු යැයි (නබිවරය) පවසනු. එවිට ඔවුහු (සත්‍ය පිළි නොගෙන) පිටුපෑවෙහු නම් සැබැවින් ම අපි අවනත වූ(මුස්ලිම්)වරු බවට නුඹලා සාක්ෂි දරනු යැයි පවසනු.

තෆ්සීර්

අහෝ! දූතය,: ‘ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, අප සියලු දෙනාට පොදු වූ සාධාරණ ප්රකාශයක් වෙත අපි එකතු වෙමු. එනම් නැමුදුම් සියල්ල අල්ලාහ්ට පමණක් සිදු කිරීමය. ඔහු එම නිලයේ සිටිය දී ඔහුගේ ස්ථානය උත්තරීතර ව තිබිය දී ඔහු හැර වෙනත් කිසිවකු අපි නොනමදිමු. අප අතරින් ඇතැමෙක් ඇතැමෙකු විසින් වන්දනාවට ලක් කරමින් ඔවුනට යටහත් වෙමින් අල්ලාහ් හැර වෙනත් කිසිවකුට දේවත්වය පුද නොකරමු” යැයි පවසනු. ‘අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, නුඹලා කවර සත්යයක් හා සාධාරණයක් වෙත ඔවුන් ඇරයුම් කර සිටින්නෙහුද එයින් ඔවුන් හැරී යන්නේ නම් “සැබැවින්ම අපි අල්ලාහ්ට යටහත් වූවන් බවටත් ඔහුට අවනතභාවයෙන් යුතු ව කීකරු වූවන් බවටත් නුඹලා සාක්ෂිකරුවන් වශයෙන් සිටිනු” යැයි පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න