සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:61

فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ

එහෙයින් කවරෙකු, දැනුමෙන් නුඹ වෙත පැමිණි දෑ ට පසු ඒ සම්බන්ධයෙන් නුඹ සමඟ වාද කළේ ද ඔවුනට නුඹ, ‘නුඹලා එනු. අපි අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද තව ද අපගේ කාන්තාවන් හා නුඹලාගේ කාන්තාවන් ද අප හා ඔබ ද කැඳවා පසු ව අපි ප්‍රාර්ථනා කරමින් අල්ලාහ්ගේ ශාපය බොරු කාරයින් මතට පත් කරමු“ යැයි පවසනු.

තෆ්සීර්

අහෝ! දූතය, ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ නිවැරැදි තොරතුරු නුඹ වෙත පැමිණීමෙන් පසුව ද සැබැවින් ඔහු අල්ලාහ්ගේ ගැත්තකු නොවන බවට සිතා නජ්රාන් වාසී කිතුනුවන් අතුරින් කවරෙකු නුඹ සමග වාද කරන්නේද ඔවුනට නුඹ මෙසේ පවසනු: “එන්න, අප ඉදිරියට අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ බිරියන් හා නුඹලාගේ බිරියන් ද කැඳවා අප හා නුඹලා සියලු දෙනා ද එකට එක් වී අප අතර හා නුඹලා අතර කවරෙකු බොරුකියන්නේ ද ඔවුන්හට ශාපය පහළ වේවා යැයි ප්රාර්ථනා කර ගනිමු.”

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න