සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:60
الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُنْ مِنَ الْمُمْتَرِينَ
මෙම සත්යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් කෙනෙකු නොවනු.
තෆ්සීර්
ඊසා සම්බන්ධයෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ නුඹේ පරමාධිපති වෙතින් පහළ වූවක් බවට කිසිදු සැකයකට ඉඩක් නැත. එය සැබෑවක්ම වන්නේය. එහෙයින් නුඹ සැක කරන්නන් අතරින් නොවනු. නුඹ කවර කරුණක් මත සිටින්නේද ඒ මත ස්ථාවර ව සිටීම නුඹගේ වගකීමයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න