සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:56
فَأَمَّا الَّذِينَ كَفَرُوا فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ
ප්රතික්ෂේප කළවුන් ගැන නම්, ඔවුනට මෙලොවෙහි හා මතු ලොවෙහි දැඩි දඬුවමකින් මම දඬුවම් කරමි. ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙක් නොමැත.
තෆ්සීර්
නුඹ ව හා ඔවුන් වෙත නුඹ ගෙන ආ දෑ ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් මෙලොවෙහි මරණ දඬුවමට සිරගත වීමට අවමානයට හා වෙනත් කාරණාවන්ට ලක් කරමින් මම දඬුවම් කරන්නෙමි. මතු ලොවෙහි නිරා ගින්නේ දඬුවම ඔවුනට හිමිය. එම දඬුවමින් ඔවුන් මුදවා ගන්නට ඔවුනට උදව්කරුවන් නොමැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න