සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:55
إِذْ قَالَ اللَّهُ يَا عِيسَىٰ إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُوا وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُوا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۖ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ
අහෝ ඊසා! සැබැවින් ම මම නුඹ ව අත්පත් කර ගනිමි. නුඹ ව මා වෙතට ඔසවා ගනිමි. ප්රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹ ව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹ ව ප්රතික්ෂේප කළවුනට වඩා නුඹ ව පිළිපැද්දවුන් ව ඉහළින් තබමි. පසු ව මා වෙත ය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට මම නුඹලා අතර නුඹලා කවර දෙයක මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එවැනි දෑ පිළිබඳ ව තීන්දු දෙමි යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
තෆ්සීර්
අල්ලාහ් ඔවුන් මුළාවට පත් කළේය. එය ඔහු ඊසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළ අවස්ථාවේ දීය. එනම්: “අහෝ! ඊසා, මරණයකින් තොරව මම නුඹ ව අත්පත්කර ගනිමි. නුඹේ ශරීරය හා නුඹේ ප්රාණය මා වෙත ඉහළට ඔසවා ගනිමි. නුඹ ව ප්රතික්ෂේප කළවුන්ගේ කිලිටෙන් පිවිතුරු කරමි. ඔවුන්ගෙන් නුඹ ව දුරස් කරමි. සැබෑ දහම අනුව නුඹ ව පිළිපදින (මුහම්මද් තුමාණන් විශ්වාස කිරීමද ඉන් එකකි) පිරිසක් මම පත් කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා නුඹ ව ප්රතික්ෂේප කළවුන්ට ඉහළින් සංකේතාත්මක ව හා ගෞරවයෙන් යුතු ව වැජඹෙන්නට හරිමි. අවසානයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත පැමිණෙනුයේ මා වෙතමය. නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මතභේද ඇති කර ගනිමින් සිටියේද ඒ ගැන යුක්ති සහගත ලෙසින් නුඹලා අතර තීන්දු කරමි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න