සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:54
وَمَكَرُوا وَمَكَرَ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ
තව ද ඔවුහු කුමන්ත්රණ කළෝය. අල්ලාහ් ද කුමන්ත්රණ කළේය. තව ද අල්ලාහ් කුමන්ත්රණ කරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨයා ය.
තෆ්සීර්
ඉස්රාඊල්වරුන් අතර සිටි දේව ප්රතික්ෂේපකයින් ඊසා (අලය්හිස් සලාම්) තුමා ඝාතනය කිරීමට කුමන්ත්රණ කළෝය. එවිට අල්ලාහ්ද උපක්රමශීලී ව ඔවුන් සමග කටයුතු කළේය. ඔවුන් නොමග යෑමට ඉඩ හැරියේය. ඊසා (අලය්හිස් සලාම්) තුමා වෙනුවට එතුමාණන්ට සමාන පුද්ගලයකු ඔවුනට ප්රදර්ශනය කර පෙන්වීය. කුමන්ත්රණකරුවන් අතුරින් අති විශිෂ්ට කුමන්ත්රණකරු අල්ලාහ්ය. ඊට හේතුව ඔහුගේ සතුරන් කෙරෙහි පිළියම් යොදන කුමන්ත්රණවලට වඩා දැඩි වෙනත් කුමන්ත්රණයක් නොමැති බැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න