සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:53

رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ

අපගේ පරමාධිපතියාණනි! ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයා ව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අප ව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව !

තෆ්සීර්

ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ මිතුරු අනුගාමිකයින්ද එලෙසම පවසා සිටියහ. එනම්: ‘අහෝ! අපගේ පරමාධිපතියාණනි, ඉන්ජීලයේ (බයිබලයේ) ඔබ පහළ කර ඇති දෑ අපි විශ්වාස කළෙමු. ඊසා (අලය්හිස් සලාම්) තුමා ව අපි පිළිපදින්නෙමු. ඔබ ව විශ්වාස කළ ඔබේ දූතයාණන් ව විශ්වාස කළ සත්යය පිළිබඳ සාක්ෂිදරන්නන් අතරට අපවද පත් කරනු මැනව!

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න