සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:52
۞ فَلَمَّا أَحَسَّ عِيسَىٰ مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنْصَارِي إِلَى اللَّهِ ۖ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللَّهِ آمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ
ඔවුන් අතර ප්රතික්ෂේප කිරීම ඊසා වටහා ගත් කල්හි අල්ලාහ් වෙත මට උදව් කරන්නන් කවුරුන් දැයි විමසා සිටියේය. හවාරීය්යූන්වරු (ගෝලයන්) අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරු යන්නට ඔබ සාක්ෂි දරනු යැයි පවසා සිටියෝය.
තෆ්සීර්
ඔවුන් දේව ප්රතික්ෂේපය මත දැඩි ස්ථාවරයෙන් සිටින බව ඊසා (අලය්හිස් සලාම්) තුමා දැනගත් කල්හි ඉස්රාඊල් දරුවන් අමතා: “ජනයා අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සම්බන්ධයෙන් මට උදව් කරන්නේ කවුරුන්දැ”යි විමසා සිටීය. එවිට ඔහු ව අනුගමනය කළ ඔහුගේ අවංක අනුගාමිකයින්: “අල්ලාහ්ගේ දහමට උදව්කරන්නෝ අපමය. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තවද අපි ඔබ අනුගමනය කළෙමු. සැබැවින්ම අප අල්ලාහ් ඒකීයත්වයට පත් කොට ඔහුට අවනත වෙමින් ඔහු වෙනුවෙන් කැප වී සිටින්නන් බවට නුඹ ම සාක්ෂි දරනු යැයි පවසා සිටියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න