සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:57

وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ ۗ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ

විශ්වාස කොට යහකම් කළවුන් ගැන නම්, ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට ඔහු පූර්ණ ව පිරිනමයි. තව ද අල්ලාහ් අපරාධකරුවන් ප්‍රිය නොකරයි.

තෆ්සීර්

නුඹ ව හා ඔවුන් වෙත නුඹ ගෙන ආ දෑ විශ්වාස කොට සලාතය සකාතය උපවාසය ඥාතී සම්බන්ධකම් රැකීම හා වෙනත් දැහැමි කටයුතු වල නිරතවූවන් වනාහි ඔවුන්ගේ කටයුතු වලට සරිලන පරිදි අල්ලාහ් ඔවුනට කුසල් පිරිනමනු ඇත. ඉන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. මෙම ප්රකාශය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණීමට පෙර ඔහු ගැන ශුභාරංචි දන්වා සිටි ඊසා (අලය්හිස් සලාම්) තුමා අනුගමනය කළවුන් ගැන විය. අල්ලාහ් අපරාධකරුවන් ප්රිය කරන්නේ නැත. අල්ලාහ් වෙත ආදේශ කිරීම හා ඔහුගේ දූතවරු බොරු කිරීමට වඩා මහත් අපරාධකරුෙවෝ කවුරුන් විය හැකිද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න